එන්නතක් අත්හදා බැලීමට ඔස්ට්‍රේලියාවේ සරසවියකින් 70 කට ආරාධනා

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් නවතම කොවිඩ් එන්නතක් සඳහා මිනිස් අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා.

එම එන්නත පරීක්ෂා කිරීම සඳහා නිරෝගී ස්වේච්ඡා සේවකයන් 70 දෙනෙකු සොයමින් සිටින බවයි ඔවුන් සඳහන් කලේ.

මේ අතර රටට පැමිණි සංචාරකයින් අතර සරම්ප ආසාදනය වැඩිවීමත් සමග පාස්කු නිවාඩුවට පෙර සරම්ප එන්නත ලබා ගන්නා ලෙස Northern Territory රජය ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අමෙරිකාවේ සහ යුරෝපයේ සරම්ප පැතිරීම වේගවත් වී ඇති අතර ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග පුරා රටවල එම වෛරසය බහුලව පවතින බව සඳහන්.

පසුගිය සතියේ පැවති කොවිඩ් රෝගීන් 8,905 ට සාපේක්ෂව මෙම සතිය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝගීන් සංඛ්‍යාව 8,563 දක්වා අඩුවී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් පසුගිය සතියේ 3,960 ක් ලෙස පැවති අතර මේ සතියේදී එය 4,467 දක්වා වර්ධනය වීමකුයි පෙන්නුම් කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »