NSW මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද පස්වරු 06 ට අවසන්

හෙටට යෙදී ඇති නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද පස්වරු 06 ට අවසන් වනවා.

හෙට දිනයේදී ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කල නොහැකි යැයි හැගී යන ඕනෑම අයෙකුට ඒ සඳහා අවස්ථාව පවතිනවා.

මැතිවරණ දිනයේදී වෙනත් ප්‍රාන්තයක හෝ වෙනත් රටක සිටීමට සිදුවන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් සඳහාද මෙම අවස්ථාව පවතිනවා.

සුදුසුකම් සහිත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව පසුගිය 20 වනදා පස්වරු 06 ට අවසන් වුණා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ට ඩොලර් 55 ක දඩයකට යටත්වීමට සිදුවනවා.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »