වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට 2023 වසර සඳහා වන ඩොලර් 250 ක විදුලි ගාස්තු සහනයට අද සිට අයදුම් කල හැකියි.
2022 වසරට අදාළ ඩොලර් 250 ක විදුලි ගාස්තු සහනය ලබාගැනීම සඳහා වන අවස්ථාව ද අදින් අවසන් වනවා.
ඩොලර් 3000 ක උපරිම වටිනාකමින් යුත් වාර්ෂික විදුලි බිල් සඳහා ලබාදෙන සියයට 17.5 ක ගාස්තු සහනය යටතේ මෙහිදී ඩොලර් 500 ක උපරිම සහනයක් ලබා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අවස්ථාව පවතිනවා.
මේ අතර ශීත සෘතු සමයේදී ගෑස් බිල් සඳහා ඩොලර් 1,734 ක උපරිම බිලක් වෙනුවෙන් ඩොලර් 300 ක සහනයක් සඳහාද අයදුම් කල හැකියි.