ඔස්ට්‍රේලියා පවුල් ලක්ෂ 10 ක නිවාස ණය වාරිකය 60% කින් වැඩිවීමේ අවධානමක්

ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉහළ දමන ලද පොළී අනුපාතික අගයන්හි පුර්ණ බලපෑම පවුල් ලක්ෂ 10 කට පමණ මෙතෙක් නිසි අන්දමින් දැනී නොමැති බව ආර්ථික විශේෂඥයන් පවසනවා.

ඔවුන් සියලු දෙනා පාහේ අඩු පොළී නිවාස ණය ගෙන තිබීමත් එම පොළී අගයන් මෙම වසර අවසානය දක්වා බලාත්මක වීමත් ඊට හේතුවයි.

ඒ අනුව ඉහළ දැමූ පොළී අනුපාතික අගයන්ගේ සැබෑ බලපෑම ඔවුන්ට දැනෙනු ඇත්තේ ලබන වසර මුල සිට බවයි පැවසෙන්නේ.

මෙතෙක් අවස්ථා 10 කදී ඉහළ දමන ලද පොළී අනුපාතික වැඩි කිරීම් එක්වරම බලාත්මක වීමෙන් ඔවුන්ට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව ද ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා.

මේ අනුව ඔවුන්ගේ මාසික වාරිකයේ ඉහළයාම සියයට 60 ක් පමණ වනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

දැනට පවතින ආර්ථික තත්වයන් අඛණ්ඩව පැවතියහොත් ලබන මාසයේදී පොළී අනුපාතික අගයන් හි වෙනසක් සිදුනොවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »