e-දුම්වැටි නියාමන යෝජනාව ෆෙඩරල් රජය ඉවත දමයි

ඉලෙක්ට්‍රොනික දුම්වැටි නියාමනයට ෆෙඩරල් රජය සතුව කිසිදු සැළසුමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසනවා.

එමගින් ඊට සාමාන්‍ය දුම්වැටි හා සමාන පිළිගැනීමක් ලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉලෙක්ට්‍රොනික දුම්වැටි නියාමනය කර ඊට පිළිගැනීමක් ලබාදීමට උත්සාහ දරනුයේ දුම්කොළ සමාගම් බවද මාර්ක් බට්ලර් අවධාරණය කරනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් වයස අවුරුදු 05 ට අඩු දරුවන් ඉලෙක්ට්‍රොනික දුම්වැටි හේතුවෙන් විශවීම්වලට ලක්වූ අවස්ථා 50 කට වැඩි සංඛ්‍යාවක් මෑතකාලීනව වාර්තාවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවරණය කලා.

ඉලෙක්ට්‍රොනික දුම්වැටියක් භාවිත කිරීම යනු සාමාන්‍ය දුම්වැටියක් භාවිත කිරීමට වඩා 03 ගුණයක ඇබ්බැහිවීමක් බවටයි මේ වනවිට හඳුනාගෙන ඇත්තේ.

එමෙන්ම වයස අවුරුදු 12 ත් 17 ත් අතර ඔස්ටේ්‍රලියානු තරුණයන් අතුරින් සියයට 14 ක් පමණ එක් අවස්ථාවකදී හෝ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කර ඇති බවත් මෑතක සිදුකල සමීක්ෂණයකදී තහවුරු කර ගැණුනා.

එයින් සියයට 63 කට ඉලෙක්ට්‍රොනික දුම්වැටි ලබාදී ඇත්තේ මිතුරන් විසින් වන අතර – සියයට 12 ක් ඔවුන් විසින්මද – සියයට 08 ක් ඥාතීන් විසින්ද – සියයට 07 ක් දෙමව්පියන් විසින්ද බව සඳහන්.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »