
[lock][/lock]ඉදිරි මාස 18 තුළදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට සපයන ගෑස් සැපයුම අඩු කිරීමට සිදුවනු ඇති බවට ප්‍රාන්තයේ ප්‍රධානම ගෑස් සැපයුම්කරු අනතුරු අගවනවා.
ඔවුන්ගේ ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානවලින් අඩක් පමණ ක්‍රියා විරහිත කිරීමට සිදුවී තිබීමයි ඊට හේතුව වන්නේ.
ඔස්ටේ්‍රලියාවේ වැඩිම ගෑස් පරිභෝජනයක් ඇති ප්‍රාන්තය වන වික්ටෝරියාවට මෙමගින් දැඩි බලපෑම් එල්ලවනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

2010 වසරේදී 122 ක් ලෙස පැවති ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථාන සංඛ්‍යාව මේ වනවිට 68 ක් දක්වා අඩුවී ඇති අතර ඉදිරියේදී එය තවත් අඩකින් පමණ අඩුවනු ඇති බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තයේ ගෑස් නිෂ්පාදනයෙන් සියයට 70 ක් පමණ අපනයනය කෙරෙන අතර ප්‍රාන්තවාසීන්ට බලපෑමක් සිදුනොවීම සඳහා එය නතරකර දේශීය සැපයුම ඉහළ නැංවිය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් අවධාරණය කර තිබුණේ ප්‍රාන්තවාසීන්ට කිසිදු ගෑස් හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.