Search

මෙල්බන් කුණාටු හමුවේ දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිටී

මෙල්බන් නගරයට අද පෙරවරුවේ බලපෑ කුණාටු සහිත කාළගුණය හමුවේ දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිබලය ඇණහිට තිබෙනවා.

ඉන් බහුතරය නගරයේ උතුරු ප්‍රදේශයේ බව සඳහන්.

නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 12,000 ක පමණ පැය කිහිපයකට පෙර අඩාලවූ විදුලිය මේ දක්වා යථා තත්වයට පත් කර නොමැති බවයි පැවසෙන්නේ.

අයහපත් කාළගුණ අනතුරු ඇගවීම ඉදිරි පැය කිහිපය සඳහාද බලාත්මකයි.

මෙල්බන් නගරයේ ස්ථාන රැසකට අද දිනයේදී කුණාටු අවධානමක් පැවතිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා.

ඩැන්ඩිනොන්ග් – ජීලොංග් – මෙල්බන් නාගරික කලාපය ඇතුලු ප්‍රදේශ ගණනාවක් ඒ අතර වන බව සඳහන්.

අද පෙරවරුවේ පැවති ධාරාණිපාත වර්ෂා තත්වය හමුවේ මෙල්බන් නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී පැවති බවටයි වාර්තා වන්නේ.

සිඩ්නි නගරයටද ඉදිරි පැය කිහිපය තුළ ධාරාණිපාත වර්ෂා තත්වයක් අපේක්ෂා කෙරෙනවා.

මේ අතර දකුණු ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් රේන්ජ් කලාපයට අද පෙරවරුවේ සුලු භූචලනයක් හටගෙන තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 4.8 ක් ලෙසයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »