ජීවන වියදම සහ නිවාස අර්බුදය NSW මැතිවරණයේ ඉහළටම

ලබන සෙනසුරාදා පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රධානම මාතෘකා දෙක බවට ජීවන වියදම සහ නිවාස අර්බුදය පත්වී තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය – ඉන්ධන සහ බලශක්ති ගාස්තු ඉහළ යාම තමන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව බවයි සමීක්ෂණයකට සහභාගීවූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් අතුරින් බහුතරයක් පවසා ඇත්තේ.

එමෙන්ම නිවාස කුළී අගයන් දරාගත නොහැකි අන්දමින් ඉහළයාම සහ අමුද්‍රව්‍ය මිළ වැඩිවීම හමුවේ නව නිවාස ඉදි කිරීමට හෝ මිළදී ගැනීමට නොහැකිවීමද ප්‍රධාන කරුණු ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන නිවු සවුත් වේල්ස් වත්මන් අගමැති ඩොමිනික් පෙරෝටේ සහ විපක්ෂ නායක ක්‍රිස් මින්ස් අතර අවසන් විවාදය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

එහිදී නිවු සවුත් වේල්ස් ලේබර් පක්ෂ නායක ක්‍රිස් මින්ස් ඉදිරියෙන් පසුවූ බවයි ස්වාධීන මත විමසුමකදී අනාවරණ වී ඇත්තේ.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »