Search

ස්වදේශික ජනමත විචාරණ ප්‍රශ්නය ප්‍රකාශයට

ස්වදේශික ජනතා හඩ ජනමත විචාරණයේදී ඉදිරිපත් කෙරෙන ප්‍රශ්නය සහ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ඇති කිරීම සඳහා ඔබ එකගද යන්න එහිදී විමසා බැලෙනු ඇති.

මෙම ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර විවාදයකින් අනතුරුව ඡන්ද විමසීම ලබන ජූනි මාසයේදී ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව බොහෝදුරට වසර අවසානය වනවිට ජනමත විචාරණය පැවැත්වීමටයි ලේබර් පක්ෂ රජය සැළසුම් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළ ව්‍යවස්ථා සංෆෝධනයක් ඉතා දුර්ලභ වන අතර 1901 වසරේ සිට මේ දක්වා එවැනි සංශෝධන සිදුකර ඇත්තේ අවස්ථා 08 කදී පමණයි.

පාර්ලිමේන්තුව තුළදී සම්මත වී ජනමත විචාරණයෙන්ද අනුමැතිය ලදහොත් ස්වදේශික ජනතාව 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති.

ඇබොරිජින් ඇතුලු ස්වදේශික ජනතාව සම්බන්ධ සියලු තීන්දු තීරණවලදී වැඩි බලතල ඔවුන්ට හිමිවීමට නියමිතයි.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »