Search

වාසස්ථානයක් නොමැති ඔස්ට්‍රේලියානුවන් ගැන අලුත් වාර්තාවක්

2021 වසරේ පැවති ඔස්ට්‍රේලියානු ජන සංගණන දිනයේදී නිසි වාසස්ථානයක් නොමැතිව සිටි පුද්ගලයන් සංඛ්‍යාව 122,000 ක් බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.

එය 2016 වසරේ පැවති සංගණන දිනයේදී වාසස්ථානයක් නොමැතිව සිටි පිරිස හා සැසඳීමේදී සියයට 5.2 ක ඉහළයාමක් බවටයි තක්සේරු කර ඇත්තේ.

මේ අනුව ඔස්ට්‍රේලියාව තුළ සෑම පුද්ගලයන් 10,000 කට 48 දෙනෙකු රැය පහන් කරනුයේ නිසි වාසස්ථානයක නොවන බවටද පුරෝකථනය කර තිබෙනවා.

කොවිඩ් තත්වයත් සමග ඇතිවු ආර්ථික බලපෑම මීට මූලික හේතුව ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

2016 වසරට වඩා 2021 වසරේදී වාසස්ථානයක් නොමැති පුරුෂයන් සංඛ්‍යාව සියයට 02 කින් පමණ අඩුවී ඇතත් කාන්තාවන් සංඛ්‍යාව සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

කෙසේවෙතත් සංඛ්‍යාත්මකව නිවාස අහිමි පුරුෂයන් සංඛ්‍යාව කාන්තාවන්ට වඩා ඉහළ අගයකයි පවතින්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »