Search

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රු 207 දක්වා අඩුවෙයි

විදේශ මුදල් ඒකක රැසකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (21) දිනයේදී ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 210.84 ක් ලෙසද විකිණුම් මිළ රුපියල් 225.80 ක් ලෙසද සටහන් වී තිබුණා.

කෙසේවෙතත් අද (22) දිනයේදී ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 207.64 ක් දක්වාද විකිණුම් මිළ රුපියල් 222.09 ක් දක්වාද අඩුවී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේදී නිකුත් කරනු ලැබූ විනිමය අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312.61 ක් ලෙස සටහන්ව ඇති අතර එහි විකිණුම් මිල රුපියල් 330.16 ක්.

ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු 334.93 ක් වු අතර ගැනුම් මිල රු. 316.84 ක් ලෙස සටහන් වුවා.