ඔස්ට්‍රේලියා තැපැල් කාර්යාල තුළ ඇඳුම් මාරු කරන්න අවස්ථාවක්

තැපැල් කාර්යාල තුළ ඇඳුම් මාරු කල හැකි කුටි (change rooms) ස්ථාපිත කිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

ඔන්ලයින් ක්‍රමයට මිළදී ගන්නා ඇඳුම් තැපැල් කාර්යාලය තුළදීම ඇඳ අඩුපාඩු ඇතිදැයි පරීක්ෂා කිරීමට පහසුකම් සැළසීමයි එහි අරමුණ වන්නේ.

කිසියම් අයෙකුට තමන් ඇණවුම් කල භාණ්ඩය ආපසු යැවීමට අවශ්‍යනම් හෝ මුදල් ආපසු ලබාගැනීමට අවශ්‍ය නම් එම අවස්ථාවේදීම ඒ සඳහා කටයුතු කිරීමටද මෙමගින් අවස්ථාව උදාවනු ඇති.

මීට අමතරව තෝරාගත් තැපැල් කාර්යාල කිහිපයක මෛම වසර අවසානයේ සිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමේ කුඩා කුටි පිහිටුවීමටද Australia Post අවධානය යොමුකර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් විසින් තැපැල් මගින් ලිපි යොමු කිරීම අඩුවීම හරහා ආදායම අඩුවීම වළක්වාගැනීමේ එක් පියවරක් ලෙසයි Australia Post විසින් මෙම සැළසුම ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත්තේ.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »