“සිනෙ තරු රැයක්” සමග ශ්‍රී ලංකන් අත්වැල් බැඳගනී

CINE THARU REYAK

ජනප්‍රිය – ප්‍රවීණ සහ දක්ෂ කළා ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් ලබන පළමුවනදා මෙල්බන් හිදී පැවැත්වෙන සිනෙ තරු රැයක් ප්‍රසංගය සමග ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයද අත්වැල් බැඳගෙන තිබෙනවා.

එදින ප්‍රසංගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් අතුරින් දෙදෙනෙකුට කුසපත් ඇදීමකින් නොමිළයේ ගුවන් ටිකට්පත් 02 ක් දිනා ගැනීමටද මේ හරහා අවස්ථාව උදාවනු ඇති.

වසරේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම සිනෙ තරු රැයක් 2023 මෙවර ප්‍රසංගය මෙල්බන් හිදී පැවැත්වෙන්නේ වසර 05 කට පසුව වීම විශේෂත්වයක්.

එදින පස්වරු 06.30 ට BESEN CENTRE හිදී ආරම්භ වන ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර විශාල ප්‍රමාණයක් මේ වනවිටත් අලෙවි වී අවසන්.

මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ Ausලංකා TV සහ Ausලංකා Radio විසිනි.

අමතක නොවන ප්‍රාසාංගික අත්දැකීමක් විඳ ගැනීම සඳහා මෙල්බන් හි වාසය කරන ලාංකික ඔබට තවමත් අවස්ථාව පවතිනවා.

ඒ සඳහා ඔබ කල යුතු වන්නේ https://www.auslankatv.com/archives/tickets/cine-tharu-rayak වෙත පිවිස දැන්ම ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීම පමණයි.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »