Northern Territory ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට නව විධිවිධාන

Northern Territory ප්‍රාන්තය තුළ ප්‍රචණ්ඩ සිදුවීම් පාලනය කිරීමේ අරමුණ ඇතිව නව විධිවිධාන මාලාවක් හඳුන්වාදී තිබෙනවා.

වයස අවුරුදු 18 – 20 වැනි අඩු වයස්වල සිටින තරුණයන් පවා අධිකව බීමත්ව කළහකාරීව හැසිරෙමින් ප්‍රචණ්ඩව හැසිරීම පාලනය කිරීමයි එහි අරමුණ වී ඇත්තේ.

මේ අනුව ඇප කොන්දේසි යාවත්කාලීන කිරීම සහ ගිණි අවි චෝදනා සම්බන්ධ දඩුවම් ඉහළ නැංවීමට නියමිතයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අමතර බලතල ලබාදීමද ඒ යටතේ සිදුවන බව Northern Territory ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් සඳහන් කලා.

ඊට අමතරව ගම්මිරිස් ප්‍රහාර සම්බන්ධ රෙගුලාසි කිහිපයක්ද සංශෝධනය කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »