
දේශපාලන රැකවරණය සහ සරණාගතභාවය ඉල්ලුම් කල 100,000 කට ආසන්න පිරිසක් තවමත් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය තුළ රැඳී සිටින බවට තහවුරු වී තිබෙනවා.
මෙම පිරිසෙන් 72,875 දෙනෙකුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇති නමුත් ඔවුන් මෙතෙක් පිටුවහල් කර නොමැති බව සඳහන්.
39,625 දෙනෙකු පමණ තම ඉල්ලීම් පිළිබඳ තීරණයක් අපේක්ෂාවෙන් පසුවන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛණ පවසන්නේ.

2014 සිට 2019 දක්වා කාලය තුළ දේශපාලන රැකවරන පතා මෙරටට පැමිණ ඇති පුද්ගලයන් සංඛ්‍යාව 80,000 කට අධිකයි.
මේ අතර වත්මන් ලේබර් පක්ෂ රජයේ ලිහිල් ප්‍රතිපත්තිය හමුවේ අනවසර සංක්‍රමණිකයන් 13,000 ක් පමණ ගතවූ වසරක පමණ කාලය තුළදී ගුවන් මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවට ලිබරල් සන්ධානය චෝදනා කරනවා.

කෙසේවෙතත් ලේබර් පක්ෂය අවධාරණය කරන්නේ පැවති ස්කොට් මොරිසන් පාලනය විසින් 140,000 කට ආසන්න සරණාගත අයදුම්පත් සළකා බැලීම ප්‍රමාද කිරීම පවතින ප්‍රමාදයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.