
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලාංකික සංක්‍රමණිකයන් අතුරින් සියයට 49 ක් පදිංචිය සඳහා තෝරාගෙන ඇත්තේ මෙල්බන් නගරය බව අනාවරණය වී තිබෙනවා.
2011 වසරේ සිට 2021 වසර දක්වා දක්වා වික්ටෝරියා ප්‍රාන්තයට සංක්‍රමණය වී ඇති ලාංකිකයන් ගණන දළ වශයෙන් 11,839 ක්.
මෙම පිරිසෙන් සියයට 25.7 ක් පමණ විවිධ වෘත්තිකයන් වන අතර සියයට 16.6 ක් පමණ පරිපාලන අංශයේ සේවකයන් වනවා.

කම්කරුවන් සියයට 13.3 ක් / තාක්ෂණ අංශයේ සියයට 10.6 ක් සහ කළමණාකරුවන් සියයට 9.1 ක්ද ඒ අතර වනවා.
මෙම ලාංකිකයන් අතුරින් සියයට 15 ක් පමණ සෞඛ්‍ය අංශයේ රැකියාවල නිරත වන අතර තාක්ෂණ – නිෂ්පාදන – වෙළෙඳ සහ සත්කාර යන ක්ෂේත්‍රවලද සැළකිය යුතු පිරිසක් රැකියාවල නිරත වන බව සඳහන්.

මින් සියයට 58 ක් පමණ ළමුන් සහිත පවුල් වන අතර සියයට 21 ක් පමණ ළමුන් නොමැති පවුල් වනවා.