Search

ඔස්ට්‍රේලියාවේ Cash-in-hand Cleaning සේවකයන් ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින නුපුහුණු සංක්‍රමණික සේවකයන් අතුරින් සියයට 50 කට වැඩි පිරිසක් තමන් සේවා ස්ථානයේදී අනාරක්ෂිත බවට සමීක්ෂණයකදී පවසා තිබෙනවා.

වෙනස් කොට සැළකීම – වාචික හිංසන සහ හිරිහැර ඒ අතර වන බවයි සංක්‍රමණික සේවකයන් සඳහා වන මධ්‍යස්ථානය සිදුකර ඇති අධ්‍යයනයක දැක්වෙන්නේ.

රැකියා වෙළඳපොළ – සංක්‍රමණ පද්ධතිය ඇතුලු කරුණු රැසක් සළකා බලමිනුයි සංක්‍රමණික සේවකයන් 1,000 කට වැඩි පිරිසක් යොදාගනිමිනුයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ.

තමන්ට පොරොන්දු වු පරිදි වැටුප් නොලැබෙන බවට අදහස් දක්වා ඇති ප්‍රතිශතය සියයට 58 ක්.

ඉන් බහුතරයක් cash in hand රැකියාවල නිරත වන්නන් වන අතර සති අන්තයේ සහ නිවාඩු දිනවල සේවා වෙනුවෙන් නියමිත වැටුප් නොගෙවීම – එකගවූ වැටුප් නොගෙවීම වැනි ගැටලුවලට තමන් මුහුණ දෙන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ඇත්තේ ඉදි කිරීම් – පිරිසිදු කිරීම් සහ ආගන්තුක සත්කාරක අංශවල බවද වාර්තා වනවා.

පුහුණු ශ්‍රමිකයන් වෙනුවන් ඉහළ වැටුප් ගෙවීමට සිදුවන බැවින් සේවා යෝජකයන් විශාල පිරිසක් අඩු වැටුපට මෙවැනි නුපුහුණු ශ්‍රමිකයන් යොදවා ගන්නා බවද මෙම වාර්තාව අනාවරණය කරනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »