මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර 03 ක තවත් වෙස්ට්පැක් ශාඛා වසා දැමේ

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර 03 ක තවත් වෙස්ට්පැක් ශාඛා කිහිපයක් ලබන මාසයේ සිට බලාත්මක වන පරිදි වසා දැමීමට තීරණය වී තිබෙනවා.

සිඩ්නි හි ශාඛා 02 ක් – මෙල්බන් හි ශාඛා 02 ක් සහ බ්‍රිස්බන් හි එක් ශාඛාවක් ලබන අප්‍රේල් 21 වනදා සිට මෙලෙස ව්‍යාපාර කටයුතු අවසන් කිරීමට නියමිතයි.

Two Westpac branches in Sydney – Mortdale and Neutral Bay
St George branch on Queen Street in Brisbane’s CBD
Westpac-owned Bank of Melbourne branches at Brimbank and Point Cook in Victoria.

මෙහෙයුම් වියදම් ඉහළයාම සහ ගණුදෙනුකරුවන්ගේ පැමිණීම අඩුවීම වැනි සාධක සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි වෙස්ට්පැක් බැංකුව නිවේදනය කලේ.

ඉදිරියේදී ඔස්ට්‍රේලියාව පුරා තවත් බැංකු ශාඛා 15 ක් ද වසා දැමීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් අනාවරණය කරනවා.

කෙසේවෙතත් මෙලෙස බැංකු ශාඛා වසා දැමීම සම්බන්ධයෙන් බැංකු වෘත්තීය සමිති පළකරන්නේ දැඩි විරෝධයක්.

එමෙන්ම Regional ප්‍රදේශවල බැංකු ශාඛා වසා දැමීම හමුවේ ගණුදෙනුකරුවන්ට සිදුව ඇති බලපෑම් පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවක් හරහා විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.

වෙස්ට්පැක් බැංකුව අවධාරණය කරන්නේ වර්තමානය වනවිට බැංකු ගණුදෙනුවලින් සියයට 96 ක් පමණ ඩිජිටල් ක්‍රමයට සිදුවන බැවින් ශාඛා වසා දැමීමේ බලපෑම ඉතා අවම බවයි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »