Search

ඔස්ට්‍රේලියානුවන් e-දුම්වැටිවලට ඇබ්බැහිවීම ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

ඔස්ට්‍රේලියානු තරුණ තරුණියන් ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය සිදුකල මෙම අධ්‍යයනයේදී අනාවරණ වී ඇත්තේ සාමාන්‍ය දුම්වැටි භාවිතයෙන් ඉවත්වීමට ඉලෙක්ට්‍රොනික දුම්වැටි වෙත යොමුවන බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ මුලුමනින්ම අසත්‍ය බවයි.

ඒ වෙනුවට සිදුවන්නේ තරුණ තරුණියන් සාමාන්‍ය දුම්වැටි පමණක් නොව ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහාද වැඩි වශයෙන් නැඹුරුවීම බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

පළමුවෙන් ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට පෙළඹෙන තරුණ තරුණියන්, සාමාන්‍ය දුම්වැටි සඳහා නැඹුරුවීමේ අවධානම 03 ගුණයකින් ඉහළ බවද තහවුරු කරගෙන තිබෙනවා.

මේ අතර වැඩිහිටියන් සඳහා වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පිළිබඳ නීති ලිහිල් කර තරුණ තරුණියන් සඳහා වන නීති දැඩි කරන ලෙස නැෂනල්ස් පක්ෂය විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »