TikTok තහනමක් ගැන ෆෙඩරල් රජය තීන්දුවක් ගන්න යයි

රජයේ කටයුතු සඳහා සම්බන්ධ වන ජංගම දුරකථන සහ උපාංගවලින් ටික්ටොක් ඇප්ලිකේෂනය ඉවත් කිරීමේ තහනමක් පැණවීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් විසින් ඒ සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශයක් ඉතාම නුදුරේදී නිකුත් කරනු ඇති බව සඳහන්.

චීනයට අයත් ඇප්ලිකේෂනයක් වන ටික්ටොක් භාවිතය මගින් සංවේදී තොරතුරු ඔවුන් අතට පත්වනු ඇතැයි යන සැකය මීට හේතුවී තිබෙනවා.

දැනටමත් ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන් විශාල පිරිසක් ටික්ටොක් ඇප්ලිකේෂනය භාවිත කරනුයේ burner phones ඝනයට අයත්වන මිළ සහ පහසුකම් ඉතාම අඩු දුරකථන මාදිලිවල බවද සඳහන්.

කැනඩාව – නවසීලන්තය – මහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව විසින් මේ වනවිටත් රාජකාරි දුරකථනවල ටික්ටොක් ඇප්ලිකේෂනය භාවිතය සම්බන්ධයෙන් විවිධ සීමා පණවා අවසන්.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයද පසුගියදා නිවේදනය කලේ ටික්ටොක් ඇප්ලිකේෂනය රාජකාරි දුරකථනවල භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »