
ඔස්ට්‍රේලියාවේ තර්ජන සහ ශාරීරීක හිංසනවලට වැඩිම විදුහල්පතිවරුන් පිරිසක් ලක්වනුයේ ACT ප්‍රාන්තයේ බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
කැන්බරා නගරයේ සෑම විදුහල්පතිවරුන් 04 දෙනෙකුගෙන්ම 03 දෙනෙකු කුමන හෝ ශාරීරීක පීඩාවකට ලක්වන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.
මෙම තර්ජන අතුරින් 1/3 ක්ම එල්ලවනුයේ පාසල් සිසුන්ගේ දෙමව්පියන්ගෙන් බවද සඳහන්.

2011 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවේ විදුහල්පතිවරුන්ට වැඩිම හිංසන එල්ල වී ඇත්තේ පසුගිය වසරේදීයි.
ACT ප්‍රාන්තයේ විදුහල්පතිවරුන් අතුරින් සියයට 73.2 ක් ශාරීරික හිංසනවලට සහ සියයට 75.6 ක් තර්ජනවලට ලක්වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
