ලේබර් රජයේ ප්‍රධාන Aged Care පොරොන්දුවක් ඉටු නොවන ළකුණු

වසර මැද වනවිට සියලුම Aged Care මධ්‍යස්ථානවල පැය 24 පුරා ලියාපදිංචි හෙදියන් යෙදවීමේ රජයේ සැලසුම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අසීරු බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

දැනට මෙරට සිටින ලියාපදිංචි හෙදියන් සහ Aged Care සේවකයන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමයි මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

Aged Care භාර අමාත්‍ය අනිකා වෙල්ස් සඳහන් කලේ Aged Care මධ්‍යස්ථාන අතුරින් සියයට 80 ක පමණ මේ වනවිට එම ඉලක්කය සපුරාගෙන අවසන් බවයි.

ජූලි පළමුවනදා වනවිට තවත් සියයට 09 ක් පමණ එම ඉලක්කයට ළගාවනු ඇතැයිද අමාත්‍යවරිය අනාවැකි පළකර සිටිනවා.

කෙසේවෙතත් සියලුම Aged Care මධ්‍යස්ථාන හෙවත් සියයට 100 ක එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවට ෆෙඩරල් රජය මේ වනවිට වටහාගෙන ඇති බවයි ඇය සඳහන් කලේ.

Aged Care සම්බන්ධයෙන් පත් කරනු ලැබූ රාජකීය කොමිසමේ නිර්දේශයක් අනුවයි පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී ලේබර් පක්ෂය මෙම පොරොන්දුව ලබාදුන්නේ.

Aged Care මධ්‍යස්ථානවල සිටින සෑම නේවාසිකයෙකුම එක් දිනයකදී අවම වශයෙන් විනාඩි 200 ක කාලයක් හෙදියකගේ රැකවරණයට යටත් කිරීම එහි ප්‍රධාන ඉලක්කයක්.

මේ සඳහා ලේබර් පක්ෂ රජය විසින් ඩොලර් බිලියන 02 ක මුදලක් වෙන් කලද Regional ප්‍රදේශවල එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අසීරු බවටයි හඳුනාගෙන ඇත්තේ.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »