Search

රිය ධාවනයේදී දුරකථන භාවිත කරන්නන් සොයා දකුණු ඔස්ට්‍රේලියාවෙනුත් කැමරා

රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිත කරන රියදුරන් හඳුනාගැනීම සඳහා වන කැමරා භාවිතය දකුණු ඔස්ට්‍රේලියාව තුළද ආරම්භ කර තිබෙනවා.

ඇඩිලේඩ් නගරයේ අධි අවධානම් ස්ථාන 07 කදී පළමු අධියරේදී කැමරා ක්‍රියාත්මක වනු ඇති.

දකුණු ඔස්ට්‍රේලියාවේ මාර්ගවල සිදුවූ රිය අනතුරු හමුවේ වසරේ මේ දක්වා කාලය තුළදී පමණක් මරණ 35 ක් සිදුවී ඇති අතර පසුගිය සති අන්තයේදී පමණක් මරණ 03 ක් වාර්තා වී තිබුණා.

මෙම කැමරා ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇතත් සමස්ත ප්‍රාන්තය පුරා කැමරා සවිකර අවසන් කෙරෙන ලබන වසර දක්වා රියදුරන්ට දඩ නියම කිරීමක් සිදුවන්නේ නැහැ.

අනතුරුව වසර 03 ක කාලය තුළදී රියදුරන් 100,000 කට ආසන්න පිරිසක් හඳුනාගැනෙනු ඇති බවද ඒ හරහා ඩොලර් මිලියන 46 ක දඩ මුදල් ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇති බවටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විශ්වාසය පළකරනවා.

ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලද දැනටමත් මෙම තාක්ෂණය ක්‍රියාත්මකයි.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසියට අනුව රිය අනතුරුවලට මූලික හේතුව රිය ධාවනයේදී රියදුරන්ට මුහුණපෑමට සිදුවන විවිධ බාධා කිරීම් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »