
වික්ටෝරියා ඉතිහාසයේ ප්‍රබලතම භූමිකම්පාව වන 2021 වසරේදී මෙල්බන් ආශ්‍රිතව හටගත් භූමිකම්පාවට හේතු තහවුරු කරගෙන තිබෙනවා.
පොළව අභ්‍යන්තරයේ මීට පෙර හඳුනාගෙන නොතිබූ පැල්මක් හේතුවෙන් රික්ටර් මාපකයේ ඒකක 5.9 ක මෙම කම්පනය සිදුවී ඇති බවයි ඔස්ටේ්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකර ඇති අධ්‍යයනයකදී හඳුනාගෙන ඇත්තේ.
වික්ටෝරියා ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාව 1989 වසරේදී සටහන්වී තිබුණේ පුද්ගල මරණ 13 ක් වාර්තා කරමිනුයි.

කෙසේවෙතත් 2021 සැප්තැම්බර් කම්පනය ඊට වඩා ප්‍රබලත්වය සහිතව වුවද කිසිදු පුද්ගල මරණයක් වාර්තා නොවූයේ ජනගහණය අවම ප්‍රදේශයක අපකේන්ද්‍රය පිහිටා තිබීම හේතුවෙන් බවටද තහවුරු කරගෙන තිබෙනවා.
එහෙත් එදින ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුව තිබූ අතර කිලෝමීටර් දහස් ගණනක් දුරින් පිහිටි ස්ථානවලට පවා එම කම්පනය දැනී තිබුණා.
