සෞඛ්‍ය නියෝග නොසළකා හරින්න NSW වෘත්තිය සමිතිවලින් තීරණයක්

රෝගීන්ට ප්‍රතිකාර කල යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මට්ටමින් ලැබෙන නියෝග නොසළකා හැර කටයුතු කිරීමට නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 18 ත් 85 ත් අතර රෝගියෙකු රෝහලක් කරා පැමිණිවිට ඔහුගේ හෝ ඇයගේ තත්වය අවධානම් නොමැති නම් එම රෝගියා පිළිබඳ දක්වන අවධානය අඩු කිරීමට නියමිතයි.

ජීවිත තර්ජනයට මුහුණ දී සිටින රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා එම කාලය යෙදවීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය වෘත්තිය සමිතිවල ස්ථාවරය වන්නේ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති උපදෙස් අනුවම කටයුතු කළහොත් රෝගී සත්කාරක සේවා වල දැඩි ප්‍රමාදයක් උද්ගත විය හැකි බැවින් මෙම තීරණය ගන්නා බවයි වෘත්තිය සමිති සඳහන් කරන්නේ.

නොඑසේනම් 12,000 කට ආසන්න නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය සේවක හිගය වහා පියවන්නැයිද ඔවුන් ඉල්ලා සිටිනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »