ඔස්ට්‍රේලියානුවන් මස් – මුහුදු ආහාර – ඇල්කොහොල් මිළදී ගැනීම අඩු කරයි

ඉහළ යන ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන් විසින් මස් – මුහුදු ආහාර සහ ඇල්කොහොල් මිළදී ගැනීම සැළකිය යුතු මට්ටමකින් අඩු කර ඇති බව නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Finder ආයතනය විසින් සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇත්තේ මෙරට තුළ වාසය කරන සෑම 04 දෙනෙකුගෙන් අයෙකුම පසුගිය මාස 12 තුළදී තම ආහාර රටාවන් වෙනස් කර ඇති බවයි.

සියයට 47 ක් පමණ ක්ෂණික ආහාර හෝ take away ආහාර භාවිතය අඩු කර ඇති අතර සියයට 35 ක් පමණ මස් හෝ මුහුදු ආහාර පරිභෝජනය අවම කර තිබෙනවා.

ඇල්කොහොල් භාවිතය අඩු කර ඇති ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 32 ක් ලෙසයි.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය අනුව 2021 වසරට වඩා 2022 වසරේදී මස් සහ මුහුදු ආහාර මිළ ගණන් සියයට 08 කින් ද කිරි ආශ්‍රිත නිෂ්පාදන මිළ ගණන් සියයට 15 කින්ද ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ සතියක ආහාර වියදම ද පසුගිය වසරේ පෙබරවාරි මාසයට වඩා මෙම පෙබරවාරි මාසයේදී ඩොලර් 37 කින් ඉහළ ගොස් තිබුණේ ඩොලර් 185 ක් දක්වායි.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »