Latitude සයිබර් ප්‍රහාරය අපේක්ෂා කලාට වඩා බරපතල තත්වයක

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මූල්‍ය ආයතනයක් වන ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරයෙන් දත්ත සොරාගනු ලැබූ පිරිස ඉහළ අගයක් ගනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

330,000 කට ආසන්න පිරිසකගේ රියදුරු බලපත්‍ර අංක – විදේශ ගමන් බලපත් අංක සහ Medicare අංක මෙලෙස පැහැරගෙන ඇති බවටයි පළමුවෙන් අනාවැකි පළවී තිබුණේ.

කෙසේවෙතත් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පළමුවරට අනාවරණය කරන ලද මෙම සයිබර් ප්‍රහාරයේදී අනවසර පිවිසීමකට ලක්ව ඇති පාරිභෝගික දත්ත ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනු ඇති බවටයි මේ වනවිට වාර්තා වන්නේ.

පැහැරගනු ලැබූ දත්ත අතුරින් සියයට 95 ක් පමණ රියදුරු බලපත් අංක වන අතර අනෙක් සියයට 05 කට ආසන්න ප්‍රමාණය විදේශ ගමන් බලපත් අංක සහ Medicare අංක බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙටි කාලීන ණය – ක්‍රෙඩිට් කාඩ් – buy now pay later සේවා සඳහා ඔස්ට්‍රේලියානුවන් අතර අතිශය ජනප්‍රිය මූල්‍ය ආයතනයක් ලෙසයි ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සැළකෙන්නේ.

ඔවුන් සතු මුලු පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 28 කට ආසන්න වන අතර මෙම සයිබර් ප්‍රහාරය පිටුපස කප්පම් මුදල් ඉල්ලීමක් ඇතිදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »