චාර්ල්ස් රජු නිසා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක අමතර නිවාඩුවක්

03 වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය අවධානය යොමුකර තිබෙනවා.

ලබන මැයි 06 වන සෙනසුරාදා ලන්ඩන් නුවරදී මෙම උත්සවය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් මහා බ්‍රිතාන්‍යය තුළ දින 03 ක නිවාඩු කාලසීමාවක් ක්‍රියාත්මකයි.

තවමත් බ්‍රිතාන්‍ය කිරීටය පිළිගන්නා රටක් වන ඔස්ට්‍රේලියාව විසින් එදින නිවාඩු දිනයක් ලෙස අනුගමනය කරන්නේද යන්න පිළිබඳ මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේවෙතත් සිය රාජ්‍ය නායකත්වයට අදාළ විශේෂ දිනයක් බැවින් එදින විවේකයෙන් ගත කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන්ට  ඉඩකඩ දිය යුතු බවයි ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කරන්නේ.

https://www.9news.com.au/national/king-charles-coronation-public-holiday-mark-mcgowan-responds/49548e56-aa2b-4239-8b3e-fd84de26001d

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »