Search

සිඩ්නි හිදී ලාංකික තරුණයෙකුට මරු කැඳවූ රිය අනතුරට 90 හැවිරිදි කතකට චෝදනා

සිඩ්නි හිදී 17 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් 90 හැවිරිදි කාන්තාවකට චෝදනා ගොණු කර තිබෙනවා.

සිය මිතුරෙකුද සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී එක්වරම පැමිණි මෝටර් රථයක ගැටීමෙන් කැල්වින් විජේවීර නම් තරුණයා ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 01 වනදායි.

අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුලු චෝදනා 02 ක් සම්බන්ධයෙන් මෙම කාන්තාවට එරෙහිව චෝදනා ගොණු කර ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.

ලබන මැයි මාසයේදී මෙම නඩු විභාගය ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

නිවු සවුත් වේල්ස් නීතියට අනුව වයස අවුරුදු 85 ට වැඩි සෑම අයෙකුම සෑම වසර 02 කටම වරක් රියදුරු පරීක්ෂණයකින් සමත්විය යුතුයි.

එහෙත් ඇතැම් අයට කොන්දේසිවලට යටත්ව නවීකරණය කරන ලද රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කල හැකියි.

එමගින් තමන්ට හුරුපුරුදු ප්‍රදේශවල රිය ධාවනය කල හැකි අතර ඒ සඳහා රියදුරු පරීක්ෂණය අනිවාර්ය වන්නේ නැහැ.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »

ඔස්ට්‍රේලියාවට එන ආසියානු සංචාරකයින් බීමතින් හැසිරෙන බවට චෝදනා

ජාත්‍යන්තර ගුවන් ගමන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මොහෝ සංචාරකයින් මත්පැන් පානය කර කළහාකාරීව හැසිරීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව Australian Border Force පවසනවා. ABF උප කොමසාරිස්

Read More »