දින 04 ක පාස්කු නිවාඩුව ගැන ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

මෙවර පාස්කු සති අන්තයේදී ඔස්ට්‍රේලියානුවන්ට නිවාඩු ලැබෙන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

අප්‍රේල් 07 වනදා මහ සිකුරාදා දිනය යෙදී ඇති අතර – පාස්කු දිනය යෙදී ඇත්තේ අප්‍රේල් 09 වනදායි.

පාස්කු දිනයට පසු දිනය වන අප්‍රේල් 10 වනදාද නිවාඩු දිනයක් වීම හමුවේ දින 04 ක දීර්ඝ නිවාඩුවක් ගත කිරීමට ඔස්ට්‍රේලියාව තුළදී මේ අනුව අවස්ථාව හිමිවනවා.

කෙසේවෙතත් පාස්කු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස මෙතෙක් පිළිගෙන ඇත්තේ ACT – නිවු සවුත් වේල්ස් – Northern Territory – ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පමණයි.

ටස්මේනියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත විසින් පාස්කු ඉරිදා දිනය තවමත් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කර නැහැ.

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »