ක්වින්ස්ලන්ඩ් ගිලන්රථ ප්‍රමාදය අඩුවෙයි

ක්වින්ස්ලන්ඩ් ගිලන්රථ ප්‍රමාදය පසුගිය දෙසැම්බරයේදී තරමක් අඩුවී තිබෙනවා.

ඒ අනුව ගිලන් රථයක් පැමිණෙන තුරු විනාඩි 30 කට වැඩි කාලයක් බලාසිටින රෝගීන් සංඛ්‍යාව පහළගොස් ඇති බව සඳහන්.

මේ අතර දකුණු ඔස්ට්‍රේලියාව තුළ හදිසි ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාන 05 ක් අලුතින් ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

පසුගිය ෆෙඩරල් මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය දුන් පොරොන්දුවක් අනුව ස්ථාපිත කෙරෙන හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 50 අතරට ඒවාද අයත් වනු ඇති.

සතියේ දින 07 පුරා පෙරවරු 08 සිට රාත්‍රී 10 දක්වා මෙම මධ්‍යස්ථාන විවෘතව පවතින අතර එමගින් රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශවල පවතින තදබදය අවම වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »