
පෙබරවාරි මාසයට අදාළව සරණාගත වීසා සහ තාවකාලික ආරක්ෂණ වීසා ඉල්ලුම්පත් පිළිබඳ තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය පෙබරවාරි පළමුවනදා සිට 28 වනදා දක්වා කාලය තුළ ලැබී ඇති Protection වීසා ඉල්ලුම්පත් සංඛ්‍යාව 1,725 ක්.
ඒ අතර ලාංකිකයන් විසින් ඉදිරිපත් කර ඇති Protection වීසා ඉල්ලුම්පත් 61 ක් ද වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලා.

පෙබරවාරි මාසය තුළදී පුද්ගලයන් 1459 දෙනෙකුට සරණාගත වීසා හෝ Protection වීසා නිකුත් කර ඇති අතර ලාංකිකයන් 07 දෙනෙකුද ඒ අතර වනවා.
මෙම දින 28 තුළදී සරණාගත වීසා සහ Protection වීසා ඉල්ලුම්පත් 1,175 ක් ප්‍රතික්ෂේප කර ඇති අතර ලාංකිකයන් විසින් ගොණු කර තිබූ අයදුම්පත් 35 ක් ඊට අයත්.

පසුගිය ජනවාරි මාසයේදී කිසිදු ලාංකිකයෙකුට Protection වීසා ලබාදී තිබුණේ නැහැ.