ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 47 කට අද සිට දීමනා වැඩිවීමක්

ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 47 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප් සහ අනෙකුත් දීමනා වැඩිවීමක් අද සිට බලාත්මක වනවා.

ඒ අනුව Age Pension, Disability Support Pension, Carer Payment සඳහා තනි පුද්ගලයෙකුට සති 02 කට ඩොලර් 37.50 ක් සහ යුවළකට සති 02 කට ඩොලර් 56.40 ක දීමනා ඉහළයාමක් ක්‍රියාත්මක වනු ඇති.

මේ අනුව සති 02 කට අදාළව තනි විශ්‍රාමිකයෙකුට හිමිවන උපරිම විශ්‍රාම වැටුප ඩොලර් 1064 ක් දක්වා ඉහළ යාමට නියමිතයි.

සති 02 කට අදාළව යුවළකට හිමිවන උපරිම විශ්‍රාම වැටුප වැඩිවනු ඇත්තේ ඩොලර් 1604 ක් දක්වායි.

Job Seeker දීමනා හිමිවන අවුරුදු 22 ට වැඩි අයෙකුට අද සිට සති 02 කට අමතර ඩොලර් 24.70 ක මුදලක්ද හිමිවීමට නියමිතයි.

ඒ අනුව එය ඉහළ යනු ඇත්තේ ඩොලර් 701.90 ක් දක්වායි.

දරුවන් සිටින එහෙත් සහකරු නොමැති අයෙකු වෙනුවෙන් සති 02 කට හිමිවන single parent අමතර දීමනාව ඩොලර් 33.90 ක්.

ඒ අනුව එය ඉහළ යනු ඇත්තේ ඩොලර් 967.90 ක් දක්වායි.

මීට අමතරව තවත් දීමනා කිහිපයක්ද අද සිට ඉහළ දමා ඇති බවයි ෆෙඩරල් රජය නිවේදනය කලේ.

ඉහළ යන උද්ධමනයට සමගාමීව මෙම දීමනා ඉහළ නැංවීම් සිදුකර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »