ශ්‍රී ලංකාව අසීරු අඩියක – දිමුත් / මෙන්ඩිස් ගෙන් අර්ධ ශතක – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාව අසීරු අඩියක – දිමුත් / මෙන්ඩිස් ගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකාව අසීරු අඩියක – දිමුත් / මෙන්ඩිස් ගෙන් අර්ධ ශතක

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී සිය 32 වන අර්ධ ශතකය වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත්වුණා.

ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 51 ක්.

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 04 ක් දැවී ලකුණු 580 ක් රැස්කළා.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවුයේ ලකුණු 164 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන අතර අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලූ 02 ක් දැවී ඔවුන් ලබා සිටි ළකුණු සංඛ්‍යාව 113 ක්.

කුසල් මෙන්ඩිස්ද අර්ධ ශතකයක් වාර්තා කල අතර ඔහු සමගින් ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලේ රැඳී සිටියා.

COMMENTS