නාසි සංකේත ප්‍රදර්ශනය ගැන වික්ටෝරියා රජය දැඩි තීන්දුවක් ගන්න යයි – AusLanka TV – Australian News for the Sri Lankan community

නාසි සංකේත ප්‍රදර්ශනය ගැන වික්ටෝරියා රජය දැඩි තීන්දුවක් ගන්න යයි

නාසි සංකේත ප්‍රදර්ශනය ගැන වික්ටෝරියා රජය දැඩි තීන්දුවක් ගන්න යයි

නාසි සංකේත ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ඇති නීති රීති තවත් දැඩි කිරීම කෙරෙහි වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

උද්ඝෝෂකයන් පිරිසක් ඊයේ වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට නාසි සංකේත ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරතවීම ඊට ආසන්නතම හේතුවයි.

දැනට වික්ටෝරියා ප්‍රාන්තය තුළ හිට්ලර් ගේ ප්‍රධාන නාසි සංකේතය වන ස්වස්තිකය ප්‍රදර්ශනය හෝ භාවිතය තහනම් වන නමුත් ඇතැම් සංඥා හෝ මුද්‍රා සඳහා එවැනි බාධාවක් පවතින්නේ නැහැ.

ස්වස්තිකය ප්‍රදර්ශනය තහනම් කරනු ලැබූ ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය වන්නේ ද වික්ටෝරියා ප්‍රාන්තයයි.

ඊයේ පැවති විරෝධතාවයේදී නාසි සංකේත ප්‍රදර්ශනය කරමින් සිදුකල විරෝධතාවය වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින්ද හෙළා දැක තිබෙනවා.

COMMENTS