
ක්වීන්ස්ලන්ඩ් නගරයේ නිවාසවල සී සී ටී වී කැමරා සවිකිරීම ඇතුලු ආරක්ෂණ ක්‍රම සඳහා යොමුවන නිවාසවාසීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේදී නිවාස මංකොල්ලකෑම් සීඝ්‍රයෙන් ඉහළගොස් තිබීමයි ඊට හේතුව වන්නේ.
බ්‍රිස්බන් නගරයේ ඇතැම් ආරක්ෂක කැමරා සමාගම් පවසා ඇත්තේ පසුගිය සතියේදී පමණක් සී සී ටී වී කැමරා සවි කිරීමේ ඉල්ලීම් සංඛ්‍යාව සියයට 300 කින් පමණ ඉහළගොස් ඇති බවයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ක්‍රියාත්මක නිවාස ආරක්ෂණ නීති ශක්තිමත් නොමැති බවටද මේ අතර චෝදනා එල්ලවනවා.
1971 වසරේ සිට බලාත්මක පුද්ගලික රහස්‍ය නීති මාලාව වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කල යුතු බවයි පාර්ශව රැසක් අවධාරණය කරන්නේ.

COMMENTS