
ලොව කාර්ය බහුලම අභ්‍යන්තර ගුවන් ගමන් මාර්ග අතර 05 වන ස්ථානයට මෙල්බන් සහ සිඩ්නි අතර ගුවන් මාර්ගය පත්වී තිබෙනවා.
පසුගිය මාසයේදී එම නගර දෙක අතර ගමන් ගත් ගුවන් මගීන් සංඛ්‍යාව 702,744 ක් බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.
ලොව කාර්ය බහුලම අභ්‍යන්තර ගුවන් මාර්ගය බවට දකුණු කොරියාවේ ජේජු සහ සෝල් නගර අතර ගුවන් මාර්ගය පත්වී තිබෙනවා.

පසුගිය මාසයේදී එම නගර දෙක අතර ගමන් ගත් ගුවන් මගීන් සංඛ්‍යාව ලක්ෂ 12 කට ආසන්නයි.
ජපානය දෙවන ස්ථානයටත් වියට්නාමය 03 වන ස්ථානයටත් පත්වී තිබෙවනවා.

ලොව කාර්ය බහුලම ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගය බවට පත්වී ඇත්තේ සිංගප්පූරුව සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර අතර මාර්ගයයි.
COMMENTS