
ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික වීසා මත සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ වාර්ෂික ආදායම් සීමාව ඩොලර් 91,000 දක්වා ඉහළ නැංවිය යුතු බවට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය යෝජනා කරනවා.
2013 සිට එම අගය පවතින්නේ ඩොලර් 53,900 ක උපරිම සීමාවේ වන අතර එම සීමාව තවත් ඩොලර් 37,000 කින් ඉහළ දැමිය යුතු බවටයි යෝජනා වී ඇත්තේ.
රට තුළ දැනට පවතින පුහුණු ශ්‍රමික හිගය සැළකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදු කරන බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය සඳහන් කර තිබුණා.

ස්වාධීන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයක් නිර්දේශ කර තිබුණේ තාවකාලික නිපුණතා සංක්‍රමණිකයන් සඳහා වන වාර්ෂික අවම ආදායම් සීමාව ඩොලර් 70,000 ක් දක්වා වැඩි කල යුතු බවටයි.
ස්ථිර නිපුණතා සංක්‍රමණ වැඩසටහන යටතේ පැමිණෙන පුහුණු ශ්‍රමිකයන් සඳහා ඩොලර් 85,000 ක අවම ආදායම් සීමාවක් තිබිය යුතු බවටත් ස්වාධීන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනා කරනවා.

COMMENTS