ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම මෝටර් රථ වන්දි නඩු විභාගය ඇරඹේ – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම මෝටර් රථ වන්දි නඩු විභාගය ඇරඹේ

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම මෝටර් රථ වන්දි නඩු විභාගය ඇරඹේ

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මෝටර් රථ සම්බන්ධයෙන් ඉහළම වන්දියක් ඉල්ලා ගොණු කර ඇති නඩුව විභාගය ආරම්භ කර තිබෙනවා.

2014 – 2020 කාලසීමාවේදී අලෙවි කරනු ලැබූ හයියුන්ඩායි සහ කියා (Hyundai and Kia) මෝටර් රථවල දෝෂ පදනම් කරගෙනයි මෙම නඩුකරය පවරා ඇත්තේ.

එන්ජිම්වල දෝෂ – ගිනි ගැනීම් වැනි කරුණු මීට පාදක වී තිබූ බවයි අගතියට පත් පාර්භෝගිකයන් විසින් සඳහන් කර තිබුණේ.

මෙම වාහන ආපසු කැඳවීමට පියවර ගැණුනද පාරිභෝගිකයන් ලෙස තමන්ට විශාල මූල්‍ය පාඩුවක් සිදුවූ බවටයි පැමිණිලිකරුවන් සඳහන් කරන්නේ.

එබැවින් විශාල වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලමිනුයි මෙම නඩුව ගොණු කර ඇත්තේ.

මෙම චෝදනා සඳහා ලබන මැයි 19 වනදාට පෙර පිළිතුරු සපයන ලෙසද කියා සහ හයියුන්ඩායි සමාගම්වලට දැනුම් දී තිබෙනවා.

COMMENTS