පානීය ජලය මිළ වැඩිම රටවල් අතර දෙවැනි තැන ඔස්ට්‍රේලියාවට – AusLanka TV – Australian News for the Sri Lankan community

පානීය ජලය මිළ වැඩිම රටවල් අතර දෙවැනි තැන ඔස්ට්‍රේලියාවට

පානීය ජලය මිළ වැඩිම රටවල් අතර දෙවැනි තැන ඔස්ට්‍රේලියාවට

පානීය ජලය සඳහා ලොව දෙවන වැඩිම වටිනාකම ගෙවන රට බවට ඔස්ට්‍රේලියාව පත්වී තිබෙනවා.

සාමාන්‍යයෙන් වසරකදී මෙරට එක් පුද්ගලයෙකු බෝතල් කල ජලය ලීටර් 504 ක් පමණ පරිභෝජනය කරන බවත් එහි වටිනාකම ඩොලර් 580 කට ආසන්න බවටත් මෑතකදී නිකුත් වූ වාර්තාවක සඳහන්.

එම අගය දෙවැනි වන්නේ සිංගප්පූරුවට පමණක් බවටද තහවුරු වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ පානීය ජලය සඳහා වන වියදම අමෙරිකාව සහ යුරෝපයට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ බවද – ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල්වලට සාපේක්ෂව 04 ගුණයකින් පමණ ඉහළ බවටද තක්සේරු කර තිබෙනවා.

එමෙන්ම බෝතල් කල ජලය නිපදවන රටවල් අතර 10 වන ස්ථානයට ඔස්ට්‍රේලියාව මේ වනවිට පත්වී ඇති බවද සඳහන්.

COMMENTS