වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක කණිෂ්ඨ වෛද්‍යවරුන් ප්‍රාන්ත රජයන්හි සෞඛ්‍ය බළධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.
අතිකාල නොගෙවීම – වැඩි පැය ගණනක් සේවය ගැනීම සහ අවිධිමත් සේවා මුර පාදක කරගෙනයි ඔවුන් මෙම තීරණවලට එළැඹී ඇත්තේ.
වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ACT යන ප්‍රාන්තවල කණිෂ්ඨ වෛද්‍යවරුන් විසින් මේ සඳහා පොදු එකගතාවයකට එළැඹී ඇති බවද සඳහන්.
අධික වෙහෙසට පත්ව සිටින කණිෂ්ඨ වෛද්‍යවරුන් විවේක නොමැතිව රෝගී සත්කාරක සේවා සඳහා යෙදවීම භයානක තත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ කණිෂ්ඨ වෛද්‍යවරුන්ගේ දිනයක සේවා මුර කාලය පැය 14 කට අඩු කර ඇතත් එය තවත් අඩුවිය යුතු බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.
අධික කාලයක් විවේක නොමැතිව රාජකාරි කිරීම හමුවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 60 ක් පමණ කුමන හෝ අත්වැරැද්දක් සිදුකරන බව මෑතකදී සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වුණා.