වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 කට Total Fire Ban පණවයි

ප්‍රාන්ත 03 ක නගර ගණනාවකට බලපැවැත්වෙන පරිදි පූර්ණ ගිණි තහනම් (Total Fire Ban) පණවා තිබෙනවා.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක මෙම නියමයන් බලාත්මක කර ඇත්තේ අද සහ හෙට දිනවල උෂ්ණත්වය අංශක 40 කට ආසන්න වනු ඇතැයි අනාවැකි පළවීමත් සමගයි.

අද දිනයේදී මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක උපරිමයකට පැමිණෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඒ අනුව 2007 වසරෙන් පසු මාර්තු මාසයකදී සටහන් වන වැඩිම උෂ්ණත්වය ලෙස එය වාර්තා අතරට එක්වනු ඇති.

මේ අතර අද සහ හෙට දිනවලදීත් සිඩ්නි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා සටහන් වුවහොත් වසර 165 ක වාර්තාවක් බිඳ වැටීමට නියමිතයි.

ඒ සරත් සෘතුවේ (Autumn) අඛණ්ඩව දින 04 කදී සෙල්සියස් අංශක 30 ඉක්මවා සටහන්වීමේ වාර්තාවයි.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »