ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් TikTok තහනම් යෝජනාවක්

රාජ්‍ය සේවකයන්ගේ දුරකථනවල ටික් ටොක් ජංගම යෙදවුම භාවිත කිරීම තහනම් කිරීමේ යෝජනාවක් ගෙන ඒමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සුදානම් වනවා.

කෙසේවෙතත් ඒ සඳහා පළමුවෙන් ෆෙඩරල් රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

කැනඩාව – නවසීලන්තය – මහා බ්‍රිතාන්‍යය – අමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක රාජ්‍ය සේවකයන්ට මේ වනවිටත් ටික් ටොක් තහනම් පණවා තිබෙනවා.

ඒ චීනයට අයත් ටික් ටොක් යෙදවුම හරහා සංවේදී තොරතුරු චීන බළධාරීන් අතට පත්වනු ඇතැයි යන සැකය මතයි.

ඔස්ට්‍රේලියාව විසින්ද ඒ හා සමාන තහනමක් පණවනු ඇතැයි අපේක්ෂා කෙරුණද ෆෙඩරල් රජය විසින් මේ දක්වා එවැනි කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

කිසියම් අයුරකින් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ ඉල්ලීමට අවසරය ලදහොත් එවැනි තහණමක් පණවන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවටද ඔවුන් පත්වනු ඇති.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »