මෙල්බන් අද උණුසුම වාර්තාවක් තියන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද දිනයේදී අංශක 40 ඉක්මවා යනු ඇතැයි අනාවැකි පළවීමත් සමග ප්‍රදේශ ගණනාවකට පූර්ණ ගිනි තහනම් පණවා තිබෙනවා.

වියළි සුළං හමුවේ ලැවි ගිනි ඇතිවීමේ අවධානම ඉතා ඉහළ මට්ටමක පවතින බවයි වික්ටෝරියා කාළගුණ අංශ පෙන්වා දෙන්නේ.

අද මෙල්බන් නගරයේ උපරිම උෂ්ණත්වය අංශක 37 ක් ලෙස පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඒ අනුව වසර 10 කට පමණ පසු සරත් සමයේ දිනයක වික්ටෝරියාවේ ඉහළම උෂ්ණත්වය සහිත දිනය අද වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

සිඩ්නි නගරයේ උෂ්ණත්වය අද දිනයේදී අංශක 32 ක් සහ බ්‍රිස්බන් අංශක 38 ක් ලෙස පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »