Search

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේදී මහා පරිමාණ අක්‍රමිකතාවයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේදී සිදුව ඇති මහා පරිමාණ අක්‍රමිකතාවයක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.

ඇතැම් සේවකයන්ට නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් වැටුප් ගෙවා ඇති අතර තවත් පිරිසකට වැඩියෙන් වැටුප් ගෙවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සේවකයන් 120,000 කට පමණ අඩුවෙන් වැටුප් ගෙවා ඇති බවද තවත් 3700 කට පමණ නියමිත ප්‍රමාණයට වැඩියෙන් වැටුප් ගෙවා ඇති බවද තහවුරු කරගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පවසන්නේ අඩුවෙන් වැටුප් ගෙවා ඇති සේවකයන් සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි.

වැඩියෙන් වැටුප් ගෙවා ඇති සේවකයන්ට ඒවා නැවත භාර දෙන ලෙස ඉල්ලා නොසිටින බවද ප්‍රාන්ත සෞඛ්‍ය ඇමතිනිය කියාසිටියා.

කෙසේවෙතත් අඩුවෙන් වැටුප් ගෙවා ඇති සියල්ලන්ට අදාළ හිග වැටුප් ලබන 31 වනදාටෙ පෙර ගෙවීමට සළස්වන බවද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ප්‍රකාශ කලා.

වසරකදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් සෞඛ්‍ය සේවකයන් සඳහා ගෙවන මුලු වැටුප් ප්‍රමාණය ඩොලර් බිලියන 16 කට ආසන්නයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »