ලබන සෙනසුරාදාට යෙදී ඇති නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වනවා.
ලබන 24 වනදා දක්වා එය සිදුකෙරෙනු ඇති.
මැතිවරණ දිනයේදී ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කල නොහැකි යැයි හැගී යන ඕනෑම අයෙකුට ඒ සඳහා අවස්ථාව පවතිනවා.
එදිනට වෙනත් ප්‍රාන්තයක හෝ වෙනත් රටක සිටීමට සිදුවන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් ද ඒ සඳහා කටයුතු කල යුතුයි.
එමෙන්ම සුදුසුකම් සහිත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමටද හැකියි.
ඒ සඳහා ලබන මාර්තු 20 වනදා පස්වරු 06 ට පෙර නිවු සවුත් වේල්ස් මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් හෝ තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි විය යුතුයි.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ට ඩොලර් 55 ක දඩයකට යටත්වීමට සිදුවනවා.