Search

ඔස්ට්‍රේලියා සංචාරක රැකියා කොවිඩ් වසංගතයට පෙර මට්ටමට

සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කොවිඩ් වසංගතයට පෙර මට්ටමට පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

කෙසේවෙතත් පුරුෂ පාර්ශවයේ රැකියා හා සැසඳීමේදී කාන්තාවන්ගේ රැකියා නියුක්තිය තරමක අඩුවක් පෙන්නුම් කරන බවයි නවතම දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

2019 වසරේ පැවති මට්ටම හා සැසඳීමේදී සංචාරක ක්ෂේත්‍රයේ පිරිමි රැකියා 92.7% දක්වාද කාන්තා රැකියා ප්‍රමාණය සියයට 86.7 ක් දක්වාද වර්ධනය වී තිබෙනවා.

කෙසේ වෙතත් වසංගතය තුළ අහිමි වූ අධ්‍යාපන හා පුහුණු අංශයේ රැකියාවල යථා තත්ත්වයට පත්වීම ඉතා මන්දගාමී බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කලා.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් රෝගීන් 8,905 ක් ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් රෝගීන් 3,960 ක්ද පසුගිය සතිය තුළදී වාර්තා වී තිබෙනවා.

ප්‍රාන්ත දෙකෙහිම පෙර සතියට වඩා කොවිඩ් ආසාධිතයන් ඉහළයාම් සටහන්වීම විශේෂත්වයක්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »