ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවීමට රටවල් 197 ක ඡන්දය

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළ කරමින් රටවල් 197 ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

රුවන්ඩාවේ පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදීයි මෙම ඡන්ද විමසීම සිදුකර ඇත්තේ.

රටවල් 208 ක සහභාගීත්වයෙන් එම මහා සභා රැස්වීම පවත්වා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම් සහ ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම අත්තනෝමතික ලෙස නව රෙගුලාසි පැනවීම සහ සාධාරණ නිලවරණයක් පැවැත්වීම සඳහා එකග වු නිලවරණ මාර්ග සිතියම ඒක පාර්ශ්වික කඩ කිරීමද රටවල් රැසක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතුවී ඇති බව සඳහන්.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »