Search

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කරවන සොයා ගැනීමක්

භෞතික ලෝකයට නව පෙරළියක් ඇතිකළ හැකි සුපිරි සන්නායකයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

අමෙරිකාවේ නිව්යෝක් නුවර රොචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමක් මෙම සුපිරි සන්නායක පදාර්ථය සොයාගෙන ඇති බවයි අමෙරිකාවේ නිව් සයන්ටිස් විද්‍යා සඟරාව ප්‍රකාශ කරන්නේ.

වසර 10කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් සොයාගත් මෙම සුපිරි සන්නායක ද්‍රව්‍ය නිර් මාණය කර ඇත්තේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ලුටිෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙන්.

එය නයිට්‍රජන් මුසුකළ ලුටිෂියම් හයිඩ්රයිඩ් පදාර්ථය ලෙසින්ද හඳුන්වනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට ශක්තියක් වැය නොකර ගෙන යාමට ඇති හැකියාව සහ චුම්භක ක්ෂේත්‍රය හරහා යැවීමේ දී එය පාවෙමින් ඝර්ෂණයකට ලක්නොවී ගමන් කිරීමෙන් ශක්තියක් වැය නොවීමයි.

මෙය යොදා ගත හැක්කේ, විදුලි හානියකින් තොර අධිබල විදුලි සම්ප්‍රේෂණය, ඝර්ෂණයකින් තොරව පොළොවට මදක් ඉහළින් ගමන් කරන අධිවේගී දුම්රිය, අඩු වියදම් MRI SCAN තාක්ෂණය සඳහායි.

මෙම පදාර්ථය සොයාගැනීමට පරීක්ෂණ සිදුකළ මහාචාර්ය රංග ඩයස් කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වොෂින්ටන් සරසවියෙන් ලබාගෙන තිබෙනවා.

හාවඩ් සරසවියේ පර්යේෂණවල නිරත වීමෙන් අනතුරුව රොචෙස්ටර් සරසවියේ ආචාර්යවරයෙකු ලෙස මේ වන විට කටයුතු කරනවා.

මහාචාර්ය රංග ඩයස් පීඩන භෞතික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්‍යාඥයෙක්.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »