Search

Flight Credits භාවිත කිරීමට ක්වන්ටාස් / ජෙට් ස්ටාර් මගීන්ට තවත් වසරක්

කොවිඩ් සමයේ අවලංගු කල ගුවන් ගමන් වෙනුවෙන් ලබාදුන් වරප්‍රසාද දීමනා භාවිත කිරීමට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් ගුවන් මගීන්ට තවත් වසරක කාලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ (2024) දෙසැම්බර් 31 වනදා දක්වා එම දීමනා උපයෝගී කරගනිමින් ගුවන් ගමන්වල නිරතවීමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇති.

කෙසේවෙතත් එම ගුවන් මගීන් මෙම වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර සිය ගුවන් ගමන් වෙන් කරවා ගත යුතුයි.

කොවිඩ් සමයේදී අවලංගු කෙරුණු ගුවන් ගමන් වෙනුවෙන් ක්වන්ටාස් ගුවන් සේවය මුදල් ආපසු ගෙවීමක් සිදුනොකල අතර ඒ වෙනුවට Flight Credits හෙවත් වරප්‍රසාද දීමනා ලබාදීමක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව ඉදිරි ගුවන් ගමනකදී මෙම දීමනා භාවිත කර ගුවන් ප්‍රවේශපත්‍රයෙහි ගාස්තුව අඩු කර ගත හැකියි.

ඩොලර් බිලියන 02 කට ආසන්න වටිනාකමින් යුත් දීමනා මෙලෙස ලබාදී ඇති අතර ඉන් සියයට 76 ක් පමණ ඩොලර් 500 ට අඩු වටිනාකමකින් සමන්විතයි.

ඩොලර් 500 ත් 5000 ත් අතර දීමනා සහිත පිරිස සියයට 24 ක් පමණ වන අතර ඩොලර් 5,000 ට වැඩි වටිනාකම සහිත දීමනා හිමිවන පිරිස සියයට 01 කටද අඩුවෙන් සිටින බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »